සමාධිය

අනන්තය තෙක් දිවෙන හදවත්,
සොයයි අන්තය නොදකිනා.
සිතෙන් පමණක් සිතන සිතිවිලි,
බලයි දුවමින නෙත් යොමා.
නිමක් නොමැතිව තිතක් නොමැතිව
හඩන සිතිවිලි දෙස බලා,
වැනෙයි මගෙ සිත එකමතැන්වුනු
සමාධියකට කොටුවෙලා.


©මල්ෂා වල්ගමගේ
2007/05/06

0 comments:

Post a Comment