ඔබ නොහැර සිටිමි මම

සියලු දේ අනියත
සැබෑ බව දතමුත්
නොහැක මට සඟවන්ට
සිතෙහි ඇති දුකකුත්.

පිනි වැටෙන සීතලට
රෑ පුරා නද දෙනා
රැහැයිනේ නොහඬන්
ජීවිතේ මෙහෙමලු.

 ජීවිතේ සොඳුරු බව
කියාදුන් ඔබතුමිය
අතැර අප කෙලෙසින්
යන්ටදෝ සිතකින්.

 මව්නි ඔබ පාසැල්
දිවි මගේ එළිවැටයි,
එළිවෙනා හෙට දිනේ
දකින්නේ අවසනයි.

 මුළු රැයම නිදි නොමැති
කළුවරට කියනේ
තවත් නුඹ නිදි මරන්,
එක්කෝ හෙට නොම එන්

 ඔබ නැතුව හෙට දවස
ගෙවන්නේ කෙලෙසදෝ
කවිය අද සිත ළඟින් 
බොහෝ දුර දිව ගිහින්.

©මල්ෂා වල්ගමගේ
2009/09/12

තවත් එක් පාසල් දිනයක් විය. නමුත් එය අවසානයට හෝරා ගනන් කරනා ගොළු හදවතක් වැනි විය. පන්හිදෙන් ලියැවුනේ හදවතෙහි ඒ දෝoකාරයයි.

0 comments:

Post a Comment